ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

Verité Research ආයතනය විසින් පවත්වාගෙන යන Manthri.lk වෙබ් අඩවිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට “Anura Meter” නමින් මාර්ගගත මෙවලමක් හඳුන්වා දී තිබෙනවා.

ආර්ථික ප්‍රතිසංස්කරණ, පාලනය, දූෂණ විරෝධී, නීතිය හා සාමය සහ සමාජ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ මහජන උනන්දුවක් දක්වන සහ වැදගත් යැයි සැලකෙන යෝජනා කෙරෙහි අවධානය යොමු කරමින්, ප්‍රධාන කාරණා 22 ක් යටතේ මෙය නිර්මාණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, රජය හෝ වෙනත් අදාළ මූලාශ්‍ර වෙතින් manthri.lk වෙත තොරතුරු ලැබෙන අවස්ථාවන්හිදී මෙම පොරොන්දුවල ප්‍රගතිය යාවත්කාලීන කරනු ලබන බව එහි සඳහන්.

ඒ අනුව, ජුලි 08 වැනිදා වනවිට ලැබී ඇති දත්ත අනුව, එම පොරොන්දු වලින් 5% ක් ඉටුකර ඇති බවත්, 36% ක් අර්ධ වශයෙන් ඉටුකර ඇති බවත්, 14% ක් ආරම්භ කර ඇති බවත්, 45% ක් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වෙබ් අඩවිය සඳහා මෙතැනින් පිවිසෙන්න.