චීනය හරහා තෙවැනි ගමනාන්තයකට යාම සහ වීසා රහිත ප්‍රතිපත්තිය චීනය තවදුරටත් පුළුල් කරයි

චීනය හරහා තෙවැනි ගමනාන්තයකට යාමට බලපාන වීසා රහිත ප්‍රතිපත්තිය රටවල් 55ක් වෙත ක්‍රියාත්මක කොට තිබෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පසුගියදා (11) පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය.

චීනය නිදහස් වීසා පහසුකම් ලබා දෙන රටවල් සහ චීනය හරහා තෙවැනි ගමනාන්තයකට යාමට බලපාන වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රටවල් සංඛ්‍යාව පිළිවෙලින් 47 හා 55 දක්වා පුළුල් කොට තිබෙන බව Mao Ning මහත්මිය එහිදී සඳහන් කළාය.

චීනය විදේශීය මිතුරන් සඳහා වීසා අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටි අඛණ්ඩව සරල කරන අතර එය ඔවුන්ගේ චීන ගමන වඩාත් සුමට කර ඇත. ප්‍රායෝගික ක්‍රියාමාර්ග තුළින් ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කරමින් විවිධ රටවල් සමඟ අවස්ථා බෙදා ගෙන අපූරු අනාගතයක් ඒකාබද්ධව නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Mao Ning මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.