සීතාවක රහස් ඡන්දයට එරෙහි පෙත්සම් අභියාචනාධිකරණය නිශ්ප්‍රභා කරයි

සීතාවක නගර සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපති සහ උපසභාපති තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් එම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් අභියාචනාධිකරණය නිශ්ප්‍රභ කරයි.

අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු ජනාධිපති නීතීඥ රොහාන්ත අබේසූරිය සහ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහ­ත්ව­රුන් විසින් මෙම තීන්දුව අද(14) ප්‍රකා­ශ­යට පත් කළේය.

සීතාවක නගර සභාව, සීතා­වක ප්‍රාදේ­ශීය සභාව, බණ්ඩා­ර­ගම ප්‍රාදේ­ශීය සභාව, මාව­ත­ගම ප්‍රාදේ­ශීය සභාව ඇතුළු ප්‍රාදේ­ශීය සභා කිහි­ප­යක සභා­ප­ති­වරු සහ උප­ස­භා­ප­ති­වරු තෝරා ගැනී­මට රහස් ඡන්ද විම­සී­මක් පැවැ­ත්වී­මෙන් පළාත් කොම­සා­රිස් වළ­ක්වන නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු­කළ පෙත්ස­ම්ව­ලට අදා­ළව මෙම තීන්දුව ප්‍රකා­ශ­යට පත් කිරී­ම සිදුවිය.

අදාළ පෙත්සම් සම්බ­න්ධ­යෙන් පෙත්ස­ම්කාර පාර්ශ්වයේ නීති­ඥ­වරු, නීති­ප­ති­ව­රයා ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සුමති ධර්ම­ව­ර්ධන මහතා වාචි­කව සහ ලිඛි­තව ඉද­රි­පත් කළ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව මෙම තීන්දුව අද ප්‍රකා­ශ­යට පත් කිරී­මට ඉකුත් 09 වැනිදා විනි­සුරු මඬුල්ල තීර­ණය කළේය.