භාතිය හස්තියා අද (14) දිනයේ අනෙක් පසට හැරවීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව, මහාචාර්ය අශෝක දංගොල්ලගේ උපදෙස් වලට අනුව, වෛද්‍ය තරිඳු විජේකෝන්, වනජීවී නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
භාතිය හස්තියාට තවදුරටත් ප්‍රතිකාර සිදුකරමින් පවතින අතර, හස්තියාගේ ක්රියාකාරීත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවයි පශු වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.