තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ සතිය අද සිට ඇරඹෙයි

“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතියට සමගාමී​ව පවත්වන බ​ව මහ බැංකුව සඳහන් කරනවා.

මෙම සතිය අද (14) සිට ජූලි 18 දක්වා පැවැත්වීමට නියමිතයි.

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමීව තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳව ද මෙහිදී දැනුවත් කිරීමට නියමිතයි.

තහ­නම් පිර­මීඩ යෝජනා ක්‍රම­ව­ලට අදාළ නීති­මය ප්‍රති­පා­දන, එවැනි ව්‍යාපා­ර­වල ආකෘ­තියේ පව­තින වංච­නික ස්වභා­වය හා ව්‍යුහය, පිර­මීඩ යෝජනා ක්‍රම­වල ආයෝ­ජ­නය කිරීමේ අව­දා­නම් හා මූල්‍ය­මය ප්‍රති­වි­පාක සහ වින්දි­ත­යන්ගේ සත්‍ය ජීවන පුවත් හා වේද­නා­කාරී අත්දැ­කීම් යනා­දිය පිළි­බ­ඳව මේ සතිය පුරාම සහ­භා­ගි­ව­න්නන් දැනු­වත් කිරීම සිදුකෙරෙන බවයි සඳහන් වන්නේ.