සීතාවක නගර සභාව ඇතුළු ප්රාදේශීය සභා කිහිපයක සභාපති සහ උපසභාපති තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් එම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි, ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් අභියාචනාධිකරණය නිශ්ප්රභ කරයි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතීඥ රොහාන්ත අබේසූරිය සහ අභියාචනාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහත්වරුන් විසින් මෙම තීන්දුව අද(14) ප්රකාශයට පත් කළේය.
සීතාවක නගර සභාව, සීතාවක ප්රාදේශීය සභාව, බණ්ඩාරගම ප්රාදේශීය සභාව, මාවතගම ප්රාදේශීය සභාව ඇතුළු ප්රාදේශීය සභා කිහිපයක සභාපතිවරු සහ උපසභාපතිවරු තෝරා ගැනීමට රහස් ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් පළාත් කොමසාරිස් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම්වලට අදාළව මෙම තීන්දුව ප්රකාශයට පත් කිරීම සිදුවිය.
අදාළ පෙත්සම් සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා වාචිකව සහ ලිඛිතව ඉදරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව අද ප්රකාශයට පත් කිරීමට ඉකුත් 09 වැනිදා විනිසුරු මඬුල්ල තීරණය කළේය.