ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ජනපති තුවාල ලබයි

පසුගිය මාසයේ ඉරානයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකදී ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සුළු තුවාල ලබා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ඉරාන රාජ්‍ය ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය පවසා ඇත්තේ ජුනි මස 16 වැනිදා පෙසෙෂ්කියන් එරට ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකට සහභාගී වෙමින් සිටි ටෙහෙරානයේ රහසිගත භූගත පහසුකමකට ප්‍රවේශ වීම සහ ඇතුල්වීම යන ස්ථාන දෙකම ඉලක්ක කර ගනිමින් බෝම්බ හයක් එල්ල වූ බවයි.

එහිදී ජනාධිපතිවරයා සහ අනෙකුත් අය හදිසි භූගත මාර්ගයක් හරහා පැන යාමේදී ඔහුගේ කකුලට තුවාල සිදුවී ඇති බව කියනු ලැබේ.

කෙසේ නමුත් ෆාර්ස් ප්‍රවෘත්ති වාර්තාව මේ දක්වා ඉරානය විසින් සත්‍යාපනය කර නොමැත.