බුලත් මිල ඉහළට

දේශීය වෙළඳපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙන බව වෙළඳසැල් හිමිකරුවන් පවසනවා. 

මේ හේතුවෙන් සිය වෙළඳාම් කටයුතු අඩාල වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළඳසැල්වල හිමිකරුවන් පවසන්නේ.  

පීදුණු බුලත් කොළයක් රු.10කට, රැහැන් බුලත් කොළයක් රු.8කට සහ කුඩා බුලත් කොළයක් රු.7ක් වශයෙන් තොග මිලට ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මේ අනූව බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රු.350/= සිට රු.450/= දක්වා මිලකට අලෙවි කිරිමට සිදුව ඇති බවයි එම වෙළෙදුන් පවසන්නේ.

බුලත් මිල ඉහළයෑමට සමගාමීව පුවක් මිලද ඉහළ ගොස් ඇති බව එම වෙළෙදුන් පවසනවා. 

මෙසේ බුලත් සහ පුවක්වල මිල ඉහළ යෑම හමුවේ තම දෛනික වෙළදාම් සීග්‍රයෙන් පහළ වැටී ඇති බවයි වෙළෙදුන් පවසන්නේ.