රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමඟ එක්ව පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
පහර කෑ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.