ගණේමුල්ලේ නිවසකට වෙඩිතැබීමක්

ගණේමුල්ල – අමුණුගොඩ පැරකුම් මාවතේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

පෙරේදා (11) රාත්‍රි කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

නිවැසියන් විසින් අද දින නිවසෙහි පිටුපස ගේට්ටුව අසළ හිස් උණ්ඩ කොපු කිහිපයක් තිබී හමුවීමත් සමග මේ පිළිබදව අනාවරණය වී තිබෙනවා.