ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී මියගොස් තිබෙනවා.
බන්ධනාගාරගතව සිටියදී පසුගිය 11 වැනිදා ඇය මියගොස් ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන්.ගණේමුල්ල සංජීව අධිකරණය තුළදී වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර සහ අනුබල දීමේ චෝදනා මත මේ වනවිටත් අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.