තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකර ඇතැයි කඹුරුපිටිය පොලිසිය පවසනවා.
ඊයේ (12) රාත්‍රියේ වූ සිද්ධිය කඹුරුපිටිය, මාහේන ප්‍රදේශයෙන් වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.
ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 40ක යහලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
තුවාලකරු වයස අවුරුදු 42ක අයෙකු වන අතර ඔහු කරපුටුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.
මරණකරු, තුවාලකරු ඇතුළු මිතුරන් කිහිප දෙනෙකු මත්පැන් සාදයක් පවත්වා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
එහිදී වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි දැනට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
තුවාලකරු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, මෘත ශරීරය කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, කඹුරුපිටිය පොලිසිය විමර්ශන සිදුකරනවා.