ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patric සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අතර සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණා.
රටෙහි නීතිය හා විධානයේ ආධිපත්‍යය ස්ථාපනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සිය සතුට පළ කරන බවත්, වත්මන් රජයේ ක්‍රියා කලාපය පැසසීමට ලක් කරන බවයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා එහිදී පවසා තිබෙන්නේ.
එමෙන්ම දෙරට අතර සහයෝගය ඉදිරියටත් පවත්වා ගෙන යාම සඳහා සහ ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා තම රටෙහි සහයෝගය ලබාදෙන බවට ඔහු පවසා සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ