ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්

ශ්‍රී ලංකාවේ, ඇමෙරිකානු අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස කැලිෆෝනියාවේ එරික් මේයර් නම් කිරීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කළා.

අදාළ යෝජනාව ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සෙනට් සභාව වෙත ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයෙකු වන මොහු, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයා ද වනවා.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස ජූලි චංග් මේ වන විට කටයුතු කරන අතර ඇය එම ධුරයට පත්වූයේ 2022 වසරේයි.