යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටී වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අනතුර හේතුවෙන් යතුරුපැදිකරු සහ පාපැදිකරු දෙදෙනාම මියගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
මේ අනතුර හසලක – හෙට්ටිපොළ මාර්ගයේ උඩවල ප්‍රදේශයේදී සිදුව ඇති බවද පොලිසිය පැවසුවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මියගිය අය අවුරුදු 28 සහ 73 යන වයස්වල පසුවන්නන් බවයි.
මරණකරුවන් බරවර්ධන ඔය සහ හසලක ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කළා.