ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් පියවරක් සනිටුහන් කරන න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම මැයෙන් සමුලුවක් අනිද්දා සිට 18 දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ මෙහෙයවීමෙන්.
න්‍යෂ්ටික බලශක්තිය තම රටට හඳුන්වා දීමට උනන්දු ඕනෑම රටක් අදියර 3කට අනුව ක්‍රියාත්මක විය යුතු අතර, එහි මූලික අදියර ලෙස හැඳින්විය හැකි ශක්‍යතා අධ්‍යයනයක් ද අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනය හඳුන්වා දී ඇති නිර්දේශ සම්මත ක්‍රමවේදයට අනුව සිදුකළ යුතුයි.
ඒ අනුව, බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව ඇතුලු රජයේ ආයතන රැසක් සහ රාජ්‍ය විශ්ව විද්‍යාලද සම්බන්ධ කර ගනිමින් අංශ 19ක් ඔස්සේ එම අධ්‍යයනයන් සිදු කෙරුණා.