ජුනි මාසයේ දී ලංකාව විදුලි ජනනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගනියි

ශ්‍රී ලංකාව ඉකුත් ජුනි මාසයේ දී විදුලි ජනනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා‌‌ ගෙන ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමු වරට ලංකා විදුලිබල මණ්ඩලය 2025 ජුනි මාසයේ දී එහි සම්පූර්ණ විදුලිබල ජනනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් සපුරා ගෙන ඇත.

ඒ ජුනි මාසය අනෙකුත් මාසවලට වඩා ඉහළ ඉල්ලුමක් පෙන්වා ඇති තත්ත්වයක් යටතේ වීම සුවිශේෂී කරුණකි.

මේ සන්ධිස්ථානය, රටේ විදුලිබල සැපයුම සියයට සියයක්ම පාහේ ජල විදුලිය මත පදනම් වූ මුල් කාලීන ප්‍රතිපත්තියෙන් සහ ඉන්පසු කාලයේ අනුගමවය කළ ජල විදුලි – තාප විදුලි මිශ්‍ර ප්‍රතිපත්තියෙන් අපගමනය වීමක් පෙන්වන අතර එය ලාංකේය විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය පංගුව වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ගෙනයන ස්ථිරසාර වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබිඹු කිරීමකි