අමෙරිකාවෙන් යුක්‍රේනයට තෑග්ගක්

යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු අවි ආයුධ ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ නව ගිවිසුමක් අනුව අවි ආයුධ නේටෝවට යවන බවත් පසුව නේටෝව විසින් එය බෙදා හරිනු ඇති බවත්‍ ය. එමෙන්ම ඒ සඳහා වන මුදල් නේටෝ විසින් ගෙවන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

පේට්‍රියට් බැටරි ඉදිරියට පැමිණෙන මිසයිල හඳුනාගෙන එම මිසයිල සඳහා බාධා පමුණුවන ලොව හොඳම ගුවන් ආරක්ෂක පද්ධතිවලින් එකක් ලෙසද සැලකේ.

නේටෝවට අරමුදල් සපයනු ලබන්නේ එක්සත් ජනපදය ඇතුළු එහි සාමාජිකත්වය දරන රටවල් රැසක දායකත්වයන් මගිනි.