අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 18 ත් 35 ත් අතර තරුණ තරුණියන් 50,000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. 

ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ඉදිරි වසර පහ තුළ පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ නෙස්ට් ශ්‍රී ලංකා රාජ්‍ය වැඩසටහනට සමගාමීවයි. 

ඒ අනූව මේ මස 15 සිට 23 දක්වා සතියක් දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී, තරුණ තරුණියන්ගේ නිපුණතාවය පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.