සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක්ම වසර 5ක් තිස්සේ පුරප්පාඩුව පවතින බව වාර්තා වනවා.
මෙම පුරප්පාඩු හේතුවෙන් කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ජාතික රෝහල් තුනේම පාලනය වැඩ බලන නිලධාරීන් විසින් සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ.
ඒ අනූව රටේ ප්‍රධාන ජාතික රෝහල් තුනටම මේ වන විටත් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුරට නිලධාරීන් නොමැති බවයි එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු පැවසුවේ.
ජාතික රෝහලක පවතින ඉහළම තනතුර වන්නේද මෙම නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුර බවයි එම නිලධාරියා පවසා සිටියේ.
නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (අධ්‍යාපන පර්යේෂණ හා පුහුණු) නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (දන්ත වෛද්‍ය) ඇතුළු තනතුරු මෙසේ අවුරුදු 5ක් තිස්සේම හිස්ව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු වැඩිදුරටත් කියා සිටියේ.