පාතාල කටයුතු මර්දනයට දායක වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ඩුබායිහි සැඟව සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් දුරකතන මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල වන බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවත් වාර්තා වනවා.
මේ අතර හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට ද පසුගිය දිනක ඩුබායිහි සිටින පාතාල නායකයෙකු විසින් දුරකතන මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කර ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පෞද්ගලිකවම පැමිණිලි කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ආරම්භ වී තිබෙනවා.
එවන් තත්ත්වයක් තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනාට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ජාතික පුවත්පතකට පවසා තිබුණේ, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.