මෙරට ප්රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්රථම වරට, කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (11) ඒකක 18,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77 ක වර්ධනයක් සනිටුහන් කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 18,541.26 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම, රුපියල් බිලියන 10.22 ක පිරිවැටුමක්ද අද දිනය තුළ වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.