තමාව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් අගෝස්තු 25 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
කැරම් බෝඩ් බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී, මේ වන විට බරපතල වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරයාගේ ඇප ඉල්ලීම අද (11) මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාළි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.
එම අවස්ථාවේදී නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා ඔහුට නියම වී තිබෙන සිර දඬුවමට හා දඩ මුදල් වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බවත්, එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල විසින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අගෝස්තු මස 25 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.