හසීනාට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව අධිචෝදනා

බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව එරට හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා. 

ඒ පසුගිය වසරේ පැවති උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරවලට එරෙහිවයි. 

විශ්වවිද්‍යාල සිසුන්ගේ අරගලයෙන් පසු පළා ගොස් මේ වන විට ඉන්දියාවේ රැදී සිටින ශෙයික් හසීනාට චෝදනා කිහිපයක් එල්ල වී තිබෙනවා. 

එමෙන්ම, අදාළ විරෝධතා මර්ධනය කිරීමට අණදී ඇත්තේ හිටපු අගමැතිනිය බවට හඩපටයකින් තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඒ අනුව, විරෝධතා විසුරුවා හැරීම සදහා අවි භාවිතා කිරීමටත් වෙඩි තැබීමටත්, හිටපු අගමැතිනිය අණ ලබා දී ඇති බව එමගින් තහවුරු වුණා. 

මෙම විරෝධතාවලදී මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1400කට අධිකයි.