පාර්ලිමේන්තුව අද (11) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ වන අතර පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මන්ත්රීවරයන්ගේ පෞද්ගලික මන්ත්රී යෝජනා විවාදයට ගැනීමට නියමිතයි.