අද (11) අලුයම් කාලයේදී පානදුර, හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.