ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම සැප්තැම්බර් 16 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.
මෙම නඩුකරයට අදාළ චෝදනා පත්‍ර ගොනු කර තිබුණද, ඊට අදාළ ඇමුණුම් මේ වනවිට ගොනු කර නොමැති බවයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දැනුම් දී ඇත්තේ.
එම ඇමුණුම් ලැබීමට දින 21ක් පමණ ගතවනු ඇති බවට රජයේ මුද්‍රණාලයාධිපතිවරයා දැනුම් දී ඇති නිසා, දින 21කට පසුව එළඹෙන දිනයක මෙම නඩුව කැඳවන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඒ අනුව අදාළ නඩුව සැප්තැම්බර් 16 වැනිදා කැඳවීමට අධිකරණය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.