ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා.
බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිනිෂ්ක්‍රමණය කිරීම, රාහුල කුමරුගේ උපත, බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව, තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මවට උපස්ථාන කිරීමේ ආදර්ශය පෙන්වා දෙමින් අභිධර්ම දේශනාව ආදී ශාසනික වශයෙන් වැදගත් දෑ රැසක් සිදුවූයේ අද වැනි ඇසළ පොහොය දිනක බවයි සඳහන් වන්නේ.
අරිට්ඨ කුමරු ඇතුළු 50 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම සහ දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේද අද වැනි පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.