විදුලිබල මණ්ඩලයේ නව පනත ගැන කතාකරන්න වෘත්තීය සමිති බලධාරීන් හමුවෙයි

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම සම්බන්ධයෙන් අවධානයට යොමු වූ බවයි බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. 

විදුලිබල මණ්ඩලය ආශ්‍රිත වෘත්තීය සමිති 42 ක නියෝජිතයන්ට මෙම සාකච්ඡාවට එක්වන ලෙසට දැනුම් දී තිබූ බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළා.