රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ, අවසන් මහ පෙරහැර අද (10) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහැර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ, ඉන් අනතුරුව එම මාර්ගය ඔස්සේ දේවාල මළුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව පිට වීථිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගමන් කිරීමෙන් පසු ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වෙනවා.

හෙට (11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය කැපීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.