නව බදු ප්‍රතිශත ගැන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාව විසින් ඇමරිකාවට අපනයනය කරනු ලබන සියලු‍ භාණ්ඩවලට පැනවූ 30% ක තීරුබදු ප්‍රතිශත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ඊට අදාළව රජය ගෙන යනු ලබන ඵලදායී ක්‍රියාමාර්ග සඳහා සහය ලබාදීමට පියවර ගන්නා බවයි. 

මෙම බදු ප්‍රතිශතය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම අද ප්‍රකාශ කළා.