සිංගිමලේ ජලාශයට ඇද වැටී පාසල් සිසුවෙක් අතුරුදන්

හැටන් – සිංගිමලේ ජලාශයට ඇද වැටී පාසල් සිසුවෙක් අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා.

13 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු මෙලෙස අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු තවත් මිතුරන් 06 දෙනෙකු සමඟ ඊයේ පස්වරුවේ ඡායාරූප ගැනීම සඳහා ජලාශයට ඉහළින් වූ සිංගිමලේ රක්ෂිතයට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

පසුව ඡායාරූප රැගෙන ජලාශයේ වේල්ල මතින් ගමන් කරමින් සිටියදී, ජලාශයෙන් පය සේදීමට උත්සාහ කිරීමේදී සිසුවා ජලාශයට ඇද වැටී අතුරුදහන් වී තිබෙනවා.

සිසුවා සොයා මේ වන විට මෙහෙයුම් සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.