වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට ඇප ලබාදීමට නියෝග

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, එම සැකකාරිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට ඇය රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.