මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 12 ඉක්මවයි

2025 ජූලි 06 වන දින දක්වා මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,204,046 ක් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එසේම, ජූලි මාසයේ පළමු දින 06 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 36,002ක් බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

ඉන්දියාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, චීනය‍, ජර්මනිය යන රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

 news images news images