රාගම බටුවත්ත ප්‍රදේශයේ පසුගිය 03 වනදා රාත්‍රියේ වෙඩි තබා “ආමි උපුල්” නැමැති පුද්ගලයෙකුව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (ජූලි 8) රාගම බටුවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 9 යි ග්‍රෑම් 220 ක්, කේරල ගංජා කිලෝග්‍රෑම් 67 යි ග්‍රෑම් 520 ක්, SMG වර්ගයේ ගිනි අවි 02 ක්, 9mm ජීව උණ්ඩ 10 ක්, කඩුවක්, ගුවන් හමුදා නිල ඇඳුම්, ජංගම දුරකථන 4 ක්, ලැප්ටොප් පරිගණකයක් හා තරාදි 4 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.