ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබෙනවා.
ඒ අනුව, එම සැකකාරිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළේ යැයි සැකපිට ඇය රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.