කොළඹ, මහනුවර මාර්ගයේ මාවනැල්ල, හිගුල ප්‍රදේශයේ දී අද (9) උදෑසන 6.45 ට පමණ සිමෙන්ති ප්‍රවාහනය කරන ලද ප්‍රයිමෝර් වර්ගයේ ලොරි රථයක් අනතුරට පත්ව ඇත.
අදාළ රථය රියදුරුට පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් මාර්ගය ආසන්නයේ තිබූ ලොරි රථයක ගැටී තිබෙන බව මාවනැල්ල පොලීසිය පවසයි.
මාර්ගය ආසන්නයේ තිබු ලොරි රථයක ප්‍රයිමෝර් රථය ගැටීමෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී තිබෙයි.
ප්‍රයිමෝර් ලොරි රථයට හානි සිදු වී ඇති අතර කිසිවෙකු තුවාල ලබා නොමැත.
අනතුර පිළිබඳව මාවනැල්ල පොලීසිය පරික්ෂණ සිදුකරමින් පවතී.

