ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්රාත්වරිය සැකකරුට දිවයිනේ බන්ධනාගාරවලට ඇතුළු වීමද තහනම් කර තිබෙනවා.
ඊට අමතරව විදේශ ගමන් තහනමක්ද පැනවුණ අතර, විදේශ ගමන් බලපත්රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.