එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් ගුවන් සේවයේ නවතම වෙන් කිරීමේ (බුකින්) දත්ත අනුව, ශ්‍රී ලංකාව වැඩිම පිරිසකගේ ආකර්ශනය දිනා ඇති රටවල් තුන අතර සිටින බව සදහන් කර ඇත.

ලංකාව; එහි පොහොසත් සංස්කෘතික උරුමයත්, පිරිසිදු වෙරළ තීර – තේ වතු සහ දැරිය හැකි මිලකට ලබාගත හැකි සුඛෝපභෝ ගී අත්දැකීම් හේතුවෙන්, සෙවුම් පරිශීලකයන්ගේ 32% ක වර්ධනයක් පෙන්නුම් කරන බව එමිරේට්ස් ගුවන් සේවය පවසයි.

ජූලි සහ අගෝස්තු අතර කාලයේ දී ගිම්හාන සෘතුව උදාවන අතර, එම කාලය තුළ ගුවන් ගමන් සෙවීම්, පසුගිය වසරට සාපේක්ෂකව 7% ක වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

එමිරේට්ස්හි නවතම විශ්ලේෂණය මඟින් ජූලි සහ අගෝස්තු මාසවලදී සංචාරකයින් බලා‌පොරොත්තුවෙන් සිටින, නව සංස්කෘතික අත්දැකීම් සහිත රටවල් ලෙස මෙම හෙළි කිරීම සිදු කර ඇත.