හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට පැමිණෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් 323ක් නිදහස් කළ බවට චෝදනා එල්ල වන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ.