ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ, තුනේ කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාන්තාවන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් දෙදෙනා සහ රියදුරු ද තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙක් පසුව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවද පොලීසිය සඳහන් කළා.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ බණ්ඩාරවෙල, අඹදණ්ඩේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.