නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම ආයතනික පද්ධතියම ශක්තිමත් කළ යුතු බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සමග අද (08) පැවති සාකච්ඡාවකදීයි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කර, අවශ්‍යතා මත ප්‍රතිපාදන සැපයීමට ද සූදානම් බවයි.

එමෙන්ම, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා භෞතික සම්පත්, යටිතල පහසුකම් මෙන්ම මානව සම්පත් සංවර්ධනය කිරීම පිළිබඳව ද අවධානය යොමුවී ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.