දහම් පාසැල් ගුරුවරුන් හට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් තනි දීමනාවක් ලෙස, රුපියල් 7,500/- ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
2026 වර්ෂයේ සිට ඉදිරියට මෙය ක්‍රියාත්මක වන අතර, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම් පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට මෙම දීමනාව හිමිවන බවයි සඳහන් වන්නේ.
මේ සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.