කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් වෙත සාධාරණයක් ඉටු කරන ලෙස එම වෙළෙඳුන් රජයෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව, කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් සහ වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පවත්වා තිබෙන බවයි සඳහන් වන්නේ.
එහිදී කොළඹ ගාලු මුවදොර වෙළඳාම් සිදු කිරීම සඳහා 32 දෙනෙකුට අවසර ලබාදී ඇති බවත්, නමුත් වසර ගණනාවක් වෙළඳාම් කළ පිරිසකට එහි වෙළඳාම් කිරීමට අවසර හිමි වී නැති බවයි එම වෙළෙඳුන් චෝදනා කරන්නේ.
එහි වෙළදාම් කරන පිරිස් 52 ක් පමණ සිටින බවත්, එයින් 25 ක් පමණ අනවසරයෙන් වෙළඳාම් කරන බවත්, වසර ගණනාවක සිට තමන් එම වෙළඳාමෙන් ජීවත් වන නිසා තමන්ට සාධාරණයක් ඉටු කර දෙන රජයෙන් ඉල්ලා සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෙළඳුන් සඳහන් කරන්නේ සිටියේ.