ජුනි මාසයේදී නිල සංචිත වත්කම් 3.3% කින් පහත වැටෙයි

2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් 3.3% කින් පහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

එය ඩොලර් මිලියන 206 ක අඩුවීමක් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ජුනි මාසයේ පැවති නිල සංචිත වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080 ක් ලෙසින් වාර්තා වී ඇති අතර, 2025 මැයි මාසයේ මෙම අගය පැවතියේ ඩොලර් මිලියන 6,286 ක් ලෙසින් බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

 news images