ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සම්බන්ධයෙන් පැවති ගැටලුවලට විසඳුම් ලබාදී ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ගොවීන් 871,425 දෙනෙකු දායක වී සිටින අතර, ඉන් ගොවීන් 178,927 දෙනෙකු තැපැල් කාර්යාල මගින් මාසිකව විශ්‍රාම වැටුප් ලබාගන්නා බවයි සඳහන් වන්නේ.
2012, 2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට ඇතිවූ බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීම තාවකාලිකව අත්හිටුවීම මත, ඊට දායක වී සිටින ගොවි ජනතාවගේ පසු වාරික අයකිරීමේ ක්‍රියාවලිය ද අඩාල වූ බව සඳහන්.
මේ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරන ලෙස ගොවි ජනතාව කළ ඉල්ලීම්වලට අනුව, එම විශ්‍රාම වැටුප ලබාදීමේ දී තිබූ ගැටලුවලට විසඳුම් ලබාදී තිබෙන බවත්, මෙම මාසයේ සිට ගොවි ජනතාවට මාසිකව යළි ගොවි විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.