භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා – පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

රෝගාතුර වී, අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය හස්තියාට තවදුරටත් ප්‍රතිකාර කරමින් සිටින බව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් පවසනවා.

ඒ අනුව, ප්‍රතිකාර සිදුකරන තෙවන දිනය වන අද (08) දිනයේ එම හස්තියාගේ යම්තාක් ප්‍රගතියක් පෙන්නුම් කරන බවත්, හස්තියාගේ අත්වල සහ කකුල්වල චලනයන් හි යම් මට්ටමක වර්ධනයක් තිබෙන බවත්, හස්තියා විසින් යම් යම් ක්‍රියාකාරකම් සිදුකරන බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පශු වෛද්‍යවරයා සඳහන් කළා.

හස්තියාගේ තත්ත්වය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් පවතින බවත්, නමුත් ඊයේ දිනයට සාපේක්ෂව යම් ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි පශු වෛද්‍ය තරිඳු විජේකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.