පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – 11.00  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2437/04 දරන ගැසට් නිවේදනයේ පළකර ඇති නියමයන් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.