හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට නියාමකවරුන් සූදානම් වෙයි

දුම්රිය සංඥා දෝෂ පිළිබඳ තම ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාර නොලැබුණහොත් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට හලාවත දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලින් ඉවත්වන බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.

රාගම ප්‍රදේශයේ දුම්රිය සංඥාවල පසුගිය දිනක පැවති දෝෂය පිළිබඳ ලබාදී තිබුණු නිර්දේශවලට තමන් සෑහීමකට පත් නොවන බවයි එම සංගමයේ ලේකම් කේ.ඩී.ඩී. ප්‍රසාද් සඳහන් කර සිටියේ.

මෙම දෝෂයේ වගකීම සංඥා දෙපාර්තමේන්තුව විසින් භාර ගත යුතු බවත්, එය නිවැරදි කරන ලෙසට තම සංගමය දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.