ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

ටෙක්සාස්හි ඇති වූ හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ගිම්හාන කඳවුරක සිටි ගැහැණු ළමයින් 27 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව සඳහන්.

ගංවතුරෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් 850කට වැඩි පිරිසක් බේරාගෙන තිබෙනවා.

බලධාරීන් පවසා ඇත්තේ, ප්‍රදේශයේ අනෙකුත් ප්‍රාන්ත ගංවතුරෙන් හානියට පත්ව ඇති බැවින්, තුවාල ලැබූ සංඛ්‍යාව වැඩි විය හැකි බවයි.